About shasanaraksha.org

vvදිවි හිමියෙන් සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය වෙනුවෙන් කැප වී සිටින ශ්‍රී ලංකාවේ ග්‍රාමීය ප්‍රදේශවල බෞද්ධ විහාරවාසී සංඝයා වහන්සේලා මූලික ජීවන අවශ්‍යතා සපුරා ගැනීමේ දුෂ්කරතාවට මුහුණ දී සිටිති. මෙම විහාරස්ථානවල බොහෝවිට ආහාර, පිරිසිදු ජලය සහ සනීපාරක්ෂක පහසුකම් වැනි අත්‍යවශ්‍ය සම්පත් නොමැති අතර, එනිසා අත්‍යවශ්‍ය ජාතික ශාසනික මෙහෙවරෙහි නිරත වීම අභියෝගයක් වී ඇත. shasanaraksha.org හරහා, අපි මෙම විහාරස්ථාන පිළිබඳ තොරතුරු ඒකරාශි කර ඒවා ඔබ සමග බෙදා ගැනීමට කටයුතු කරන අතර පූර්ණ විනිවිදභාවය හා විශ්වසනීයත්වය ආරක්ෂා වන අයුරින් එකී කාර්යය සිදු කිරීමට අපි බැඳී සිටිමු.

about-us

ශාසනරක්ෂා අප කැපවී සිටිනුයේ ග්‍රාමීය ප්‍රදේශයන්හි පවත්නා බෞද්ධ සිද්ධස්ථානවල දියුණු සංස්කෘතික හා ආධ්‍යාත්මික උරුමයන් සුරැකීමට මෙන්ම එකී උරුමයන් රැක ගැනීම සඳහා අවශ්‍ය සහාය දැක්වීම උදෙසාය.

මක්නිසාදයත් අද වන විට මෙම උරුමස්ථාන බොහෝමයක් තම සිව්පසය සපුරා ගැනීමට ද මහත් වූ අරගලයක යෙදී සිටී. ඒ අනුව හුදෙක් මෙකී සිද්ධස්ථාන රැසක්ම තම විහාරස්ථාන සඳහා අවැසි දානමානාදිය මෙන්ම සනීපාරක්ෂක පහසුකම් වැනි මූලික සම්පත්වත් සපුරා ගැනීමට නොහැකි තත්ත්වයක පසුවන බැවින් මෙම උරුමස්ථාන ඔස්සේ ජනයාට සිදු කරනු ලබන මහඟු සේවය ද සීමා වී තිබේ.

එබැවින් shasanaraksha.org හරහා අප ශ්‍රී ලාංකේය බොදු ජනතාවගේ මුඳුන් මල්කඩවන් බෞද්ධ සිද්ධස්ථානයන්හි පවත්නා අඩුපාඩු හා දුෂ්කරතා පිළිබඳව පින්වත් වූ සත්පුරුෂ දනන්ගේ නෙත් සිත් විවර කිරීම උදෙසා මහඟු කාර්යයක් සිදු කරනු ලබයි.

එහි දී මෙම සිද්ධස්ථානයන්හි පවත්නා අවශ්‍යතා, එකී විහාරස්ථාන සම්බන්ධීකරණ තොරතුරු සහ ඒවායෙහි බැංකු ගිණුම් විස්තර ආදිය ද අප මෙමඟින් පළ කරනු ලබන අතර ඒ ඔස්සේ සිව්දෙස වන්නා වූ දයානුකම්පිත දනන්ට මෙන්ම මේ කෙරෙහි ඇල්මක් දක්වන සංවිධානවලට මෙකී සිද්ධස්ථානයන් පවත්වාගෙන යාමට සෘජු දායකත්වයක් ලබා දිය හැකි ය.

හුදෙක් මෙම මුලපිරීම මෙකී විහාරස්ථානයන් කෙරෙහි ධනාත්මක බලපෑමක් ඇති කරනුවස් අපගේ කැපවීමෙන් මෙහෙයවනු ලබන Elenine විසින් සම්පූර්ණයෙන්ම නොමිලේ සිදු කරන සමාජ සත්කාරයක් වේ. එබැවින් ශාසනරක්ෂා යනු හුදෙක් වෙබ් අඩවියකට වැඩියමක් වන අතර එය මෙම සංස්කෘතික හා ආධ්‍යාත්මික මධ්‍යස්ථාන නඟා සිටුවීමට උපකාර කළ හැකි පරිත්‍යාගශීලීන් සමඟ අවශ්‍යතා සහිත විහාරස්ථාන සම්බන්ධ කරන කේන්ද්‍රස්ථානයකි.


ඒ අනුව අපගේ අරමුණ වන්නේ ලොවපුරා සිටින දයානුකම්පිත දනන් සෘජුව සහ විනිවිදභාවයෙන් යුක්තව මෙම උරුමස්ථාන රැක ගැනීම සඳහා දායක කරගැනීම මෙන්ම කිසිදු විහාරස්ථානයක් දුෂ්කරතා හමුවේ හුදකලා වීම හෝ අවම පහසුකම් වලින් තොර වූ බව සහතික කිරීමයි. එබැවින් නිතැතින්ම ඔබගේ සහයෝගය අතැතිව අපට මෙම සිද්ධස්ථානයන් නඟා සිටුවීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීමට උපකාර කළ හැකි අතර මේ ඔස්සේ ආධ්‍යාත්මික වර්ධනය හා ප්‍රජා සහයෝගය වඩාත් අවශ්‍ය වන ක්ෂේත්‍ර පෝෂණය කිරීමට ද අපට හැකියාව ලැබේ.